වෘත්තිය සමිති 05ක් යළිත් දුම්රිය වර්ජනයකට සැරසෙයි

Author - Admin
වෘත්තිය සමිති 05ක් යළිත් දුම්රිය වර්ජනයකට සැරසෙයි

වැටුප් විෂමතා නිවැරදි කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රකාශයට පත් කරන ලෙසට බල කරමින් දුම්රිය වෘත්තිය සමිති ලබන 29 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

වැඩ වර්ජනය සඳහා දුම්රිය වෘත්තිය සමිති 5ක් එක්ව සිටියි.

වැටුප් විෂමතා නිවැරදි කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කිරීමට එරෙහිව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඉකුත් 8 වැනිදා වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු ඉකුත් 12 වැනිදා පෙරවරුවේ වර්ජනය අත්හිටුවීමට තීරණය කළේය.

කෙසේ වෙතත් ඊයේ(23) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තිය සමිති සාමාජිකයින් සඳහන් කළේ සාකච්ඡා අසාර්ථක වු බවයි.

එවන් පසුබිමක ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සභාපතිවරයා හා දුම්රිය  වෘත්තිය සමිති සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද(24) පැවැත් වුණු අතර එම සාකච්ඡාවද අසාර්ථක බව වෘත්තිය සමිති සාමාජිකයින් සඳහන් කළේය.

මෙලෙස සාකච්ඡා අසාර්ථ වු පසුබිමක දුම්රිය එංජින් රියදුරුවරුන්ගේ  විධායක කමිටුව රැස්වි ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කළේය.

Courtesy-adaderana.lk