මධ්‍යධරණී මුහුදේදී බේරාගත් සංක්‍රමණිකයන් පිරිසක් ගුවන් ප්‍රහාරයකින් මරුට

Author - Editor
මධ්‍යධරණී මුහුදේදී බේරාගත් සංක්‍රමණිකයන් පිරිසක් ගුවන් ප්‍රහාරයකින් මරුට

යුරෝපයට ගමන් කරමින් සිටියදී බෝට්ටුව ගිලී යාමෙන් අනතුරට පත්වීමෙන් පසු බේරාගත් පිරිසක් ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. යුරෝපය වෙත ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වීමෙන් පසු බේරාගත් මෙම පිරිස ට්‍රිපෝලි අගනුවර ආසන්නයේ පිහිටි රැඳවුම් කඳවුරකට යවා තිබේ.

ට්‍රිපෝලි අගනුවර ආසන්නයේ පිහිටි ටජූරා රැඳවුම් කඳවුරට බේරාගත් පිරිසෙන් සංක්‍රමණිකයන් 84 දෙනකු රැගෙන ගිය බව ලිබියානු වෙරළාරක්ෂක බලධාරීන් තහවුරු කර ඇත. ජුලි 3වනදා එම කදවුරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මෙම සරණාගත පිරිසෙන් 50දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

2016 වසරේදී ලිබියාවේ පිහිටවූ ආණ්ඩුවට සහය දක්වන සටන්කාමීන් සහ ලිබියානු ජාතික හමුදාව අතර ට්‍රිපෝලි අගනුවර ඇතුළු ලිබියාවේ බොහෝ ස්ථානවල ගැටුම් පවතී. මෙම ගුවන් ප්‍රහාරවල චෝදනාවද එල්ල වී ඇත්තේ ලිබියානු හමුදාවටය.

(http://citizenpostlk.com)