මාරක දුම්රිය අනතුරක්-4ක් මරුට-2කට තුවාල

Author - Admin
මාරක දුම්රිය අනතුරක්-4ක් මරුට-2කට තුවාල

වව්නියාව,ඕමන්ත,පන්ද්‍රින්කේන්ද්‍රකුලම් ප්‍රදේශයේ සිදුවු දුම්රිය අනතුරකින් පුද්ගලයින් සි‍ව්දෙනෙකු අද(16) උදැසන ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඕමන්ත පොලිසිය පවසයි.

ඕමන්ත පොලීසිය පැවසූවේ යාපනය සිට මාතර බලා ධාවනය වු ශිඝ්‍රගාමී දුම්රියේ කාර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූවන් හා ජිවිතක්ෂයට පත්වූවන් වව්නියාව රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලීසිය පැවසීය.

අද උදෑසන 10.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී බව හෙළිව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Thanks: adaderana.lk