දරු ප්‍රසූතියේදී සිදුවන මාතෘ මරණ වල වැඩිවීමක්

Author - Editor
දරු ප්‍රසූතියේදී සිදුවන මාතෘ මරණ වල වැඩිවීමක්

දරු ප්‍රසූතියේදී සිදුවන මාතෘමරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් ශ්‍රී ලංකාවේ රෝහල් තුල පෙන්නුම් කරන බව ශ්‍රීලංකා වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසයි. ඒ අනුව සෑම දරු උපත් 100,000කටම මව්වරුන් 40ක් පමණ මියයන බව වෛද්‍ය ජයරත්න මහතා සදහන් කලේය. ඔහු මේ බව සදහන් කර සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල(UNFPA) ඒකාබද්ධව පැවැත්වූ වැඩසටහනක් අතරතුරදීය. මෙම වැඩසටහන සංවිධානය කර තිබුනේ පවුල් සැලසුම්කරණයේදී ශ්‍රී ලංකාවේ ඇති මිත්‍ය විශ්වාස හා වැරදි මත නිවැරදි කිරීම සදහාය.

එම වැඩසටහනේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජයරත්න මහතා සදහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 35%ක් ලිංගික එක්විමකදී උඵත් පාලන ක්‍රම කිසිවක් භාවිතා නොකරන බව හෙලිවී ඇති බවයි. එමෙන්ම සැලසුම් නොකල ගැබ් ගැනීමක් සිදුවුවහොත් කාන්තාවන් දැඩි මානසික පීඩනයකට ලක්කෙරන බවත් ඔහු සදහන් කර සිටියේය.

(kidneyinfolk.com)