ජනාධිපතිගේ විදෙස් සංචාර පිළිබද තොරතුරු කිසිවක් නොමැති බව ජනාධිපති කාර්යාලය පවසයි

Author - Editor
ජනාධිපතිගේ විදෙස් සංචාර පිළිබද තොරතුරු කිසිවක් නොමැති බව ජනාධිපති කාර්යාලය පවසයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතා ජනාධිපතිවරයා වශයෙන් පත්වූ දා සිට මේ දක්වා ඔහුගේ විදෙස් ගමන් සමබ්නදයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමන්ගේ විදෙස් සංචාරයන් පිලිබදව කිසිදු තොරතුරක් ජනාධිපති කාර්යාලයේ නොමැති බව ජනාධිපති කාර්යාලය විසින් දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ නම් කළ නිලධාරියා වන ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතාට අභියාචනයක්ද ඉදිරිපත් කර ඇති අතර, එයද ප්‍රතික්‍ෂේප කරමින් එම තොරතුරු ජනාධිපති කාර්යාලයේ නොමැති බවද සඳහන් කර ඇත.