එජාප අපේක්‍ෂක යුද්දය අස්සේ හකීම් 11 වැනිදා පොහොට්ටු අපේක්‍ෂක දෙස බලයි..

Author - Admin
එජාප අපේක්‍ෂක යුද්දය අස්සේ හකීම් 11 වැනිදා පොහොට්ටු අපේක්‍ෂක දෙස බලයි..

එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවනු ලබන නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට සහාය ලබාදීම නොදීම පිළිබඳව මේ වන තෙක් තීරණයක් ගෙන නැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එච්.එම්. හාරිස් මහතා සඳහන් කරන්නේ මේ පිළිබඳව ‍ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වී සාකච්ඡා කරන බවත් මෙතෙක් ඒ පිළිබඳ සාකච්ඡා කර නැති බවත්ය.

ඒ අනුව ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති හා අපේක්ෂකයන් කවුරුන්ද යන්න සලකා බලා 11 වැනිදායින් පසු තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදු පෙරමුණේ අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කරන අතර ඔවුන් සියලු දෙනා පිළිබඳ අධ්‍යනය කරන බවද ඔහු පැවසීය.

Courtesy- thetruth.lk