ඇමති මනෝ ගනේෂන් සජිත් පිලේ මතය හා එක්වේ..

Author - Admin
ඇමති මනෝ ගනේෂන් සජිත් පිලේ මතය හා එක්වේ..

එක්සත් ජාතික පක්ෂයට තවත් පක්ෂ ගණනාවක් සමග එක් වි පිහිටුවිමට යන සන්ධානයේ නායකත්වය සහ ලේකම් ධුරය අනිවාර්යයයෙන්ම  එක්සත් ජාතික පක්ෂයට  හිමි විය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ නායක සහ අමාත්‍යය මනෝ ගනේෂන් මහතා පැවසිය.

මනෝ ගනේෂන් අමාත්‍යය වරයා එ බැව් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ නව පක්ෂ කාර්යයාලයක් නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණය අසල විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය මනෝ ගනේෂන් අමාත්‍යයවරා කියා සිටියේ තමන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයෙකු වුවද අග්‍රාමාත්‍යයවරයාගේ සහ  ආණ්ඩුවේ අඩුපාඩුකම් පෙන්වා දෙන අයෙකු බවයි.

එක්සත්  ජාතික පක්ෂ ජෙෂ්ඨ සහ පසුපෙල මන්ත්‍රිවරුන් සමග එක් වි එකසත් ජාතික පක්ෂයට සහයෝගය දක්වන සෙසු පක්ෂවල සහයෝගයද ලබාගෙන ඉදිරියේදිත් එක්සත් ජාතික පක්ෂ බලය සහිත රජයක් මේ රට තුල පිහිටුවන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ නව කාර්යයාලය විවෘත කිරිමේ අවස්තාවට මහනුවර දිස්ත්‍රික් පා.ම (එජාප) වේලු කුමාර් මහතාද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ   

Courtesy- lankacnews.com