කසල තේ සමග ලොරියක් ප‍්‍රපාතයට පෙරලේ..

Author - Admin
කසල තේ සමග ලොරියක් ප‍්‍රපාතයට පෙරලේ..

පිලිමතලාවේ සිට ආගරපතන ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට කසල තේ ප්‍රවහනය කරමින් තිබු ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදියකට ඉඩ ලබා දිමට  යාමේදි ලොරි රථය  ප්‍රපාතයකට පෙරලි ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා සහ යතුරුපැදිකරු තුවාල  ලබා  ලිදුල රෝහල වෙත ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

අද (05) උදැසන මෙම අනතුර සිදු වි ඇත්තේ තලවකැලේ ඩයගම ප්‍රධාන මාර්ගයේ ලිදුල නාගසේන අග්‍රකන්ද කැල්ඩොනියා ප්‍රදේශයේදිය.

ධාවනය වෙමින් තිබු ලොරි රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදියකට ඉඩ ලබා දිමට උත්සහ කිරිමේදි ලොරි රථය ප්‍රපාතයට පෙරලි ඇත.

ලොරි රථය පෙරලෙන අවස්තාවේ ලොරි රථයේ රියදුරා ඉන් ඉවතට පැන දිවි බේරාගෙන ඇති අතර යතුරුපැදිකරුටද යතුරුපැදියේ වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මාර්ගයේ අභියස කන්දක ගැටි මෙම අනතුර සිදු වි ඇති බවත්, ලොරි රථය ප්‍රපාතයට පෙරලි පෞද්ගලික ජල විදුලි බලාගාරයක ආරක්ෂක මුර කුටියක් අසලට පෙරලි ඇති බව  අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය කියා සිටියේය.

අනතුරෙන් මුර කුටියටද සුළු අලාභ හානි සිදු වි ඇත.

තුවාල ලැබු  රිය සහයකයා සහ යතුරුපැදිකරු ලිදුල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සහා නුවරඑලිය මුලික රෝහල වෙත මාරු කර යවා ඇත.

අනතුරට පත් ලොරි රථයේ කසල තේ කිලෝ පන්දහසක් පමණ ප්‍රවාහනය කරමින් තිබු බවයි ආගරපතන පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවේ නිලධාරියෙකු පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Courtesy-  lankacnews.com