බස්නාහිර සභාවේ දොරට කෝටියක් ගියේ නෑ… ලක්‍ෂ 83ක් පමණයි..- මහ ඇමති කියයි..

Author - Admin
බස්නාහිර සභාවේ දොරට කෝටියක් ගියේ නෑ… ලක්‍ෂ 83ක් පමණයි..- මහ ඇමති කියයි..

බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැඟිල්ල සදහා සවිකරන දොරේ වටිනාකම රුපියල් කෝටියක් නොව අසූ තුන් ලක්ෂ හැත්තෑ හය දහසක් පමණක් යැයි පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කරයි.

මෙම දොර සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මහ ඇමතිවරයා මේ බව කියා සිටියේය.

මෙම දොර සදහා ඇස්තමේන්තුව රුපියල් 7,200,000 ලක්ෂයක් වුණු බවත් එයට මේ වන විට 8,376,000ක් ලෙවා ඇති බවත් මහ ඇමතිවරයා කියයි.

ගොඩනැගිල්ල ඉදිකිරීම් සඳහා සම්බන්ධ වූ සමාගමටම දොර නිර්මාණය කිරීම බාර දී ඇති බව ද දැනටමත් මෙම දොරට අදාළ සියළු මුදල් ගෙවා අවසන් බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.

Courtesy-lankacnews.com