රනිල්-සජිත් යුද්දයෙන් එජාපෙ ප‍්‍රබලම නායකයක් දෙදෙනෙකු මහින්ද හමුවේ.. සහාය දෙන්න සූදානම්.. ආණ්ඩු පෙරලියකත් ලකුණු..

Author - Admin
රනිල්-සජිත් යුද්දයෙන් එජාපෙ ප‍්‍රබලම නායකයක් දෙදෙනෙකු මහින්ද හමුවේ.. සහාය දෙන්න සූදානම්.. ආණ්ඩු පෙරලියකත් ලකුණු..

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ‍ප‍්‍රධාන පක්ෂ දෙකක ප්‍රධානීන් දෙදෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පොහොට්ටුවේ ප‍්‍රබලයෙකු මුණගැසී සාකච්ඡා කර තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ පවතින ජනාධිපති අපේක්ෂක අර්බුදය හේතුවෙන් තම පක්‍ෂ දේශපාලන වශයෙන් අසීරු තත්වයකට පත්ව සිටින බව ඔවුන් එහිදී පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ස්ථාවරය ඉක්මනින්ම ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවද ඔහු ප්‍රකාශ කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් යෝජිත අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට සූදානම් බවද සදහන් කර තිබේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියෝජිතයා සදහන් කර ඇත්තේ ඉදිරි 11 වැනිදා තම අපේක්‍ෂකයා නම් කල පසු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයය එලි දක්වන බවත් එය සැලකිල්ලට ගෙන තීරණයක් ගන්නා ලෙසත්ය.

මේ බව අප වෙත පැවසූ ප‍්‍රකාශකයා සදහන් කලේ අදාල සාකච්චා සාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තුව තුල ආණ්ඩු පෙරළියක්ද සිදුවනු ඇති බවයි.

Courtesy-  lankacnews.com