මෛත‍්‍රි-මහින්ද එකග නම් ගෝටාභයට සහාය දෙන්න සූදානම්.. ශ‍්‍රීලනිපයෙන් වෙනම අපේක්‍ෂකයෙකු දාන්නේ නෑ..- ශ‍්‍රීලනිප මහ ලේකම්

Author - Admin
මෛත‍්‍රි-මහින්ද එකග නම් ගෝටාභයට සහාය දෙන්න සූදානම්.. ශ‍්‍රීලනිපයෙන් වෙනම අපේක්‍ෂකයෙකු දාන්නේ නෑ..- ශ‍්‍රීලනිප මහ ලේකම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන සාකච්ඡාවක දී ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට එකඟතාවයක් ඇති වූවොත් ඒ සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිම පක්ෂයකට අයිති අපේක්ෂකයෙක් නොවී ජාතික අපේක්ෂකයෙක් ලෙස ස්වාධීනව සිතිය යුතු බව ද ඔහු සදහන් කළේය.

මහලේකම්වරයා මෙම අදහස් පළ කළේ හිරු සළකුණ දේශපාලන වැඩසටහන අදහස් පල කරමිනි.

කිසිම හේතුවක් මත ශ‍්‍රීලනිපයෙන් වෙනම අපේක්‍ෂකයෙකු ඉදිරිපත් නොකරන බවද ඔහු එහිදී පැවසීය.

Courtesy- lankacnews.com