නිවාස පෙලක් ගිනිගනී..

Author - Admin
නිවාස පෙලක් ගිනිගනී..

ඩයගම පොලිස් වසමට අයත් සන්ද්‍රිංහැම් වතු යායේ වතු නිවාස පේලියක හටගත් ගින්න විදුලි කාන්දුවිමකින් හටගෙන ඇති බවත්, එම වතු නිවාස වල සිවිලිම මත දර එක් රැස් කර තැබිම නිසා ගින්න සිඝ්‍රයෙන් සෙසු නිවාස වලට පැතිර ගොස් ඇති බව ගින්න පිලිබදව පරික්ෂණ පවත්වන ඩයගම පොලිසිය සැකකරයි.

ඊයේ එක් නිවසකින් හටගත් ගින්න තවත් නිවාස 11 කට පැතිර ගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

ගින්නෙන් එම නිවාස පේලියේ පදිංචි පවුල් 12 කට අයත් සමාජිකයන් 47 දෙනෙකු අවතැන් වි ඇති අතර අවතැන් වුවන් තාවකාලිකව එම වතුයායේ  සන්ද්‍රිංහැම් දමිල මහ විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇත.

එම පිරිස අතර පිරිමි 25 දෙනෙක් කාන්තාවන් 12 දෙනෙක් සහ ළමුන් 10 දෙනෙකුද සිටින බව පොලිසිය පැවසුවේය.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති අතර ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇත.

ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නෙන් අවතැන් වුවන් සදහා අපදා කලමණාකරණ ඒකකය , ආගරපතන ප්‍රාදේශිය සභාව , වතු පාලන අධිකාරිය සහ රාජ්‍යය නොවන සංවිධාන කිහිපයක් කටයුතු කර ඇත.

ගින්න පිලිබදව ඩයගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ