කොළඹ සිට මහනුවරට ඉක්මනින් යන්න අලුත් පාරක්…

Author - Admin
කොළඹ සිට මහනුවරට ඉක්මනින් යන්න අලුත් පාරක්…

2019 වර්ෂය අවසන් වන විට කොළඹ සිට මහනුවරට නව මාර්ගයක් ඇති වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් ප‍්‍රකාශ කලේ මහනුවරදී පැවති ජනහමුවකට එක්වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

‘මහාමාර්ග අමාත්‍යවරයා ලෙස මට හැකියාව ලැබුණා මහනුවරට අධිවේගි මාර්ගයක් ඉදිකරන්න කටයුතු ආරම්භ කරන්න. ඒ අනුව අදියර 03 කට එහි ඉදිකිරිම් කටයුතු මේ වන විටත් සිදුකරනවා. පසුගිය රජයත් අධිවේගි මාර්ග හැදුවා. ඒ වගේම දේශියත්වය ගැනත් නිතර කථා කළා. නමුත් මාර්ග ව්‍යපෘති සියල්ල ලබාදුන්නේ විදේශීය සමාගම් වලට. අපේ රටේ කොන්ත‍්‍රාත්කරුවන්ට ව්‍යාපෘති ලබාදුන්නේ නැහැ. කොළඹ හම්බන්තොට ගාල්ල මාතර ප‍්‍රදේශවල මාර්ග ව්‍යාපෘති සියල්ල දුන්නේ විදේශීය සමාගම් වලට.

නමුත් මහාමාර්ග අමාත්‍යවරයා ලෙස මම තීරණය කළා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිමේදි දේශීය කොන්ත‍්‍රාත් සමාගම් වලට මෙම ඉදිකිරිම් කටයුතු සදහා දායක වෙන්න අවස්ථාවක් ලබාදෙන්න. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවට ලබා දී තිබු මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකිරිම් කටයුතු අපි ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉවත් කොට දේශීය සමාගම් වලට ලබාදුන්නා. දේශීය සමාගම් කාර්්‍යක්ෂමව මෙම ඉදිකිරිම් කටයුතු සිදුකරන නිසා ලබන වසර අවසන් වල විට අපිට හැකියාව ලැබෙනවා මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවන අදියර විවෘත කරන්න.

දෙවන අදියර විවෘත කිරිමත් සමග කොලඹ සිට මහනුවරට නව මාර්ගයක් විවර වෙනවා. මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමු හා තෙවන අදියරයන් හි ඉදිකිරිම් කටයුතු අවසන් වන තෙක් මීරිගම සිට කුරුණෑගල දක්වා ඇති කිලෝමීටර් 44 ලබන වසර අවසානයේ විවෘත කිරිමත් සමග කොලඹ, කටුනායක, මීරිගම, කුරුණෑගල හරහා ඉක්මනින් මහනුවරට ලගාවිමට හැකිවෙනවා.

– රජිත සමරසූරිය

Courtesy-lankacnews.com