කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ සිදු වු අනතුරකින් තිදෙනෙක් මරුට VIDEO

Author - Admin
කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ සිදු වු අනතුරකින් තිදෙනෙක් මරුට VIDEO

කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ කලල්පිටිය ප්‍රදේශයේදී මහනුවර දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් සහ කොළඹ දෙසට ධාවනය වු වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී රිය අනතුරක් සිදු වී ඇත.

අනතුරින් වෑන් රථයේ ගමන් කළ රියදුර, කාන්තාවන් තිදෙනෙකු හා තවත් පිරිම පුද්ගලයකු බරපතල තුවාල ලබා වතුපිට රෝහලට ඇතුලත් කිරීමේදී ඉන් රියදුරු හා කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 22ක් වු වෑන් රථයේ රියදුරු, අවුරුදු 47ක් වු ඔහුගේ මව සහ අවුරුදු 52ක් වු තවත් කාන්තාවක්.

මෙම පිරිස ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

තුවාලකරුවන් දෙදෙනා වෑන් රථයේ රියදුරුගේ පියා සහ සහෝදරිය වේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට (08) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
 

Courtesy- sinhala.adaderana.lk