යාපනයේ මූල්‍ය ආයතනයකින් ලක්ෂ 18 ක් කොල්ල කයි…

Author - Admin
යාපනයේ මූල්‍ය ආයතනයකින් ලක්ෂ 18 ක් කොල්ල කයි…

යාපනය, චාවකච්චේරි නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකට තියුණු ආයුධ රැගෙන ඇතුළුවූ පුද්ගලයකු විසින් අද (19) උදෑසන රුපියල් ලක්ෂ 18 කටට  ආසන්න මුදලක් කොල්ලකා ඇතැයි චාවකච්චේරි පොලිසිය පැවසීය.

මූල්‍ය ආයතනයේ සේවකයින් විසින් උදෑසන 08.30 පමණ විවෘත කිරීමෙන් පසුව මුහුණු ආවරණය සහිත හිස්වැසුමක් (ෆුල්ෆේස්) පැළද පැමිණි අයකු විසින් තියුණු ආයුධ පෙන්වා ගනුදෙනු සඳහා රැගෙන ආ රුපියල් ලක්ෂ 18 ආසන්න මුදලක් කොල්ලකා ඇතැයි පොලීෂිය පැවසීය.

සෙංකඩගල ෆිනෑන්ස් නැමති මෙම මූල්‍ය ආයතනයේ මුදල් මෙලෙස කොල්ලකා ඇති අතර එම මුදල්වල නිශ්චිත ගණන මෙතෙක් අනාවරණය නොවූ බවද කීය එම ආයතනයේ නිලධාරීන් පුවසූහ.

මුදල් කොල්ල කෑ සැකකරු අංක තහඩු ආවරණය කළ යතුරු පැදියකින් පලාගොස් ඇති අතර යතුරුපැදිය පදවාගෙන තවත් අයකු පැමිණ ඇති බව පොලිසිය සඳහන් කළේය.

චාවකච්චේරි බස්නැවතුම්පොළට මීටර තුන්සියයක් පමණ දුරින් පිහිටා ඇති මෙම මූල්‍ය ආයතනය අතුරු මාර්ගයක් ආසන්නයේ පිහිටා තිබූ බවත් එම අතුරු මාර්ගය ඔස්සේ කොල්ලකරුවන් පැමිණ කොල්ලකෑම සිදුකර පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.

මුදල් කොල්ල කෑ පිරිස් ආසන්නයේ පිහිටි සී සී ටී වී කැමරා මගින් හඳුනාගැනීමේ කටයුතු සිදු කරන බවටද පරික්ෂණ සිදු කරන චාවකච්චේරි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Courtesy-lankacnews.com