නීති විරෝධී වැඩකට සජිගෙන් කැබිනට් පත‍්‍රිකාවක්.. කැබිනෙට්ටුව ප‍්‍රතික්‍ෂෙප කරයි..

Author - Admin
නීති විරෝධී වැඩකට සජිගෙන් කැබිනට් පත‍්‍රිකාවක්.. කැබිනෙට්ටුව ප‍්‍රතික්‍ෂෙප කරයි..

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වයස අවුරුදු 60 ඉක්මවූ නිලධාරීන් 32 දෙනෙකුට ලබාදී ඇති තනතුරු සඳහා අනුමැතිය ලබා දීම කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසිනි.

අධිකාරියේ කලක් සේවය කර ඇති එම නිලධාරීන් විශ්‍රාම ගැනීමෙන් පසුව තවදුරටත් වැටුප් හා දීමනා ලබාදීම ඉහළ තනතුරු වල රඳවා ගෙන තිබෙන අතර එලෙසම එම තනතුරු හා වැටුප් ගෙවීම් සඳහා අනුමැතිය කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලා තිබුණි.

මෙම පිරිස වසර දෙකක් තිස්සේ තනතුරු රඳවා නීති විරෝධී ලෙස වැටුප් ගෙවමින් සිටින්නේ ඇයි ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිල්ල මත පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වරයා සහ සහකාර සාමාන්‍යාධිකාරීවරයා ඉකුත් සඳුදා අඟහරුවාදා දිනවල කැඳවා ප්‍රශ්න කර තිබුණි.