මගේ ෆීල්ඩ් මාෂල්කම ලේසියෙන් අයින් කරන්න බෑ.. හමුදාපති විවේචනය කරන්න මට අයිතියක් තිබෙනවා..

Author - Admin
මගේ ෆීල්ඩ් මාෂල්කම ලේසියෙන් අයින් කරන්න බෑ.. හමුදාපති විවේචනය කරන්න මට අයිතියක් තිබෙනවා..

තමන්ගේ ෆල්ඩ් මාෂල් ධුරය අහෝසි කිරීමට විධිමත් ක‍්‍රියාවලියක් ඇති බවත් හමුදා සෙබලෙකුගේ නිල ඇඳුම ඉවත් කිරීමට ක්‍රමවේදයක් ඇති බවත් ෆීල්ඩ් මාෂල් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ෆීල්ඩ් මාෂල් ධුරය තමන්ගෙන් ඉවත් කරන්නේ යයි වාර්තා පල වුවත් ඒ ගැන කිසිත් කමන් නොදන්නා බවද ඔහු කියයි.

ෆීල්ඩ් මාෂල් තනතුර ඉවත් කරන්නේ නම් යුද්ධාධිකරණයකින් එය කල යුතු බවත් එයද සම්ප්‍රදායික ක‍්‍රමයක් බවත් ඒ මහතා කියා සිටී.

මෙරට ඔ්නෑම පුරවැසියෙකුට හමුදාපතිවරයා විවේචනය කිරීමටත් හමුදාවේ අඩුපාඩු පෙන්වාදීමටත් අයිතියක් ඇති බවත් තමන්ද ඒ අයිතියට අනුව කටයුතු කල බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

Courtesy-lankacnews.com