ගෝටා හෙට පොහොට්ටු වේදිකාවේ.. ජනාධිපති අපේක්‍ෂක වී මුලින්ම කැලණි පන්සලේ.. අනතුරුව රුවන්මැලියට.. ශ‍්‍රී මහා බෝධියට.. දලදා මාලිගාවට.. කතරගමට.. සතියක් රට වටා..

Author - Admin
ගෝටා හෙට පොහොට්ටු වේදිකාවේ.. ජනාධිපති අපේක්‍ෂක වී මුලින්ම කැලණි පන්සලේ.. අනතුරුව රුවන්මැලියට.. ශ‍්‍රී මහා බෝධියට.. දලදා මාලිගාවට.. කතරගමට.. සතියක් රට වටා..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේ පළමුවරට දේශපාලන වේදිකාවට පිවිසීමට නියමිතය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වනු ඇත.

ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සංධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔහු පොදු ජන පෙරමුණේ සම්මේලනය ඇමතීමටස නියමිතය.

එදිනම පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා කැළණිය රජමහා විහාරයේ පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහනකට සහභාගීවීමට නියමිතය.

ඊට පසුදා අනුරාධපුරය බලාගෙන ඒ මහතා රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන බුද්ධ පූජාවකට ද සහභාගී වන ඔහු 13 දින ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට ද නියමිතය.

14 වෙනිදා මහනුවර බලා පැමිණෙන රාජපක්ෂ මහතා ශ‍්‍රී දළදා වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබාගැනීමට සංවිධානය කර තිබේ.

15 වනදා කතරගම කිරිවෙහෙර අභියස පැවැත්වෙන අසූහාරදහසක මහා පහන් පූජාවට ඔහු සහභාගී වෙයි.

ඉන්පසු කතරගම දේවාලයට ද එදින ම දහවල් තිස්සමහාරාම රජමහා විහාරස්ථානයට ද ඔහු පැමිණෙනු ඇත.

ඒ ආකාරයේ සතියක පමණ දීර්ඝ වැඩසටහනක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සංවිධානය කර තිබේ.

Courtesy- lankacnews.com