“අපි එක රැයෙන් හමුදාවේ 2000ක් මැරුවා. මහින්ද මට ජාතික ලයිස්තුවෙන් එන්න කිව්වා” – කරුණා අම්මාන්

Author - Admin
“අපි එක රැයෙන් හමුදාවේ 2000ක් මැරුවා. මහින්ද මට ජාතික ලයිස්තුවෙන් එන්න කිව්වා” – කරුණා අම්මාන්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන් හට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන්න යැයි මෙවරත් ආරාධනා කළ බව හිටපු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී නායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ සහ, දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පවසනවා.

ඒ මහතා මේ බව පවසන ලද්දේ අද (19) දින පැවති ජනහමුවක් අමතමින්.

මෙවරත් මහන්සි නොවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අග්‍රාමාත්‍යවරයා කළ යෝජනාව ප්‍රතික්ෂේප කර මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට තමන් අපේක්ෂා කරන බව මෙහිදී එම මහතා ප්‍රකාශ කරන ලදි.

එමෙන්ම කරුණා කොරෝනාවටත් වඩා භයානක බවට මන්ත්‍රීවරයෙකු කළ ප්‍රකාශයට තමන් එකඟ වන බව පැවසූ විනයාගමූර්ති මුරලිදරන් මහතා තමන් එල්.ටී.ටී.යී සංවිධානයේ සිටියදී ඝාතනය කළ දහස් ගණනක් හමුදා නිළධාරීන් ගැන සිනහමුසු මුවින් සිහිපත් කරන ලදි.