ජනාධිපති නිල වෙබ් අඩවිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවටත් උඩින් යයි.. ව්‍යවස්ථාව ගැන බොරුත් කියයි..

Author - Admin
ජනාධිපති නිල වෙබ් අඩවිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවටත් උඩින් යයි.. ව්‍යවස්ථාව ගැන බොරුත් කියයි..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වෙනි සංශෝධනය මගින් එවකට තිබූ විධායක ජනාධිපති ධූරයේ බලතල සීමා කොට එම ධූර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කලේය.

වර්තමාන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ධූර කාලය නිශ්චිතව කොපමණ ද යන්න විමසීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය බලාත්මක වීමත් සමඟ වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය ද වසර 5 දක්වා අඩු කොට ඇති බවයි.

එහෙත් මෙරටේ ප්‍රධානතම පරිපාලන මධ්‍යස්ථානය වන ජනාධිපති කාර්යාලය වෙබ් අඩවිය ඒ සම්බන්ධයෙන් මුනිවත රකිමින් ජනාධිපති ධූර කාලය වසර 6 ක් ලෙස සටහන් කොට ඇත.

ඒ මෙසේය,

“විධායක ජනාධිපති ධුරය

ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය ප්‍රධානියා ජනාධිපති වේ. එසේම ජනාධිපති විධායකයේ ප්‍රධානියා, රජයේ ප්‍රධානියා සහ හමුදා සේනාවන්ට අණ දෙන ප්‍රධානියා ද වේ.

ජනාධිපති තෝරාගනු ලබන්නේ ජනතාව වන අතර ඒ අවුරුදු හයක ධුර කාලයකට ය. ජනාධිපතිතුමාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට සහභාගි වීමට, ඇමතීමට සහ පණිවිඩ යැවීමට අයිතියක් ඇත. එසේම ජනාධිපතිතුමාට සියලු ම වරප්‍රසාද සඳහා හිමිකම් ඇත, ඡන්දය පාවිච්චි කිරිම අයිතියට අමතරව නිර්මුක්තිය සහ පාර්ලිමේන්තු සාමාජික ලෙස බලය, පාර්ලිමේන්තුවේ හෝ එහි සාමාජිකයෙක් ලෙස ඕනෑම වරප්‍රසාද කඩවීමක් සම්බන්ධව වගකිය යුතු නොවේ. Link

ජනාධිපති වෙබ් අඩවිය මෙසේ ප්‍රකාශ කිරිම තුල මෙරටට පැමිනෙන රාජතාන්ත‍්‍රිකයන්, ආයෝජකයන් රටට පැමිණ මැති ඇමතිවරුන් සමග සාකච්ඡා කිරිමේදී සත්‍ය දැනගැනිමෙන් පසුව රටේ පරිපාලනය සම්බන්ධයෙන් විශ්වාසය බිද ගන්නා බව නොරහසකි.

Courtesy-lankacnews.com