නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක්.. රෝගින්‍යා ඔත්තුවලට ලක්‍ෂ 05ක් දුන්නා.. නුවර ජාතිවාදී ගැටුමේ ඔත්තුවලට සල්ලි තාම දුන්නේ නෑ..- මෛත‍්‍රී-ගෝටා ඝාතන චෝදනා මැද ඇමති රාජිත තවත් බෝම්බයක් පුපුරුවයි..

Author - Admin
නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක්.. රෝගින්‍යා ඔත්තුවලට ලක්‍ෂ 05ක් දුන්නා.. නුවර ජාතිවාදී ගැටුමේ ඔත්තුවලට සල්ලි තාම දුන්නේ නෑ..- මෛත‍්‍රී-ගෝටා ඝාතන චෝදනා මැද ඇමති රාජිත තවත් බෝම්බයක් පුපුරුවයි..

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කලේ යැයි චෝදනා එල්ල කරන නාමල් කුමාර මහතා පොලිස් ඔත්තුකරුවෙකු බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

රෝගින්‍යා සරණාගතයන් ගැන ඔත්තු දීම සම්බන්ධයෙන් ඔහුට රුපියල් ලක්ෂ 05ක මුදලක් ගෙවා ඇති බවත් මහනුවර ඇතිවූ සිංහල මුස්ලිම් ගැටුම ලබා දුන් තොරතුරු සදහා මුදල් ගෙවීමට තවමත් නොහැකි වූ බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එනිසා මෙම චෝදනා එල්ල කරන පුද්ගලයන් ගැනද රජයට වැටහීමක් ඇති බව ද ඔහු කියා සිටියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Courtesy-lankacnews.com