නාමල් උතුරේ ගංවතුරේ.. ඇමතිකම් අරගෙන ලෝකේ වටේ නොයා විපතට පත්වූවන් ගැන බලන්නැයි කියයි..

Author - Editor
නාමල් උතුරේ ගංවතුරේ.. ඇමතිකම් අරගෙන ලෝකේ වටේ නොයා විපතට පත්වූවන් ගැන බලන්නැයි කියයි..

උතුරු පලාතේ ගංවතුර හේතුවෙන් වැඩිම විපතට පත් වූ කිලිනොච්චිය හා මුලතිව්හි ජනතාව හමු වී ආධාර ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (25) දින සංචාරයක නිරත වූහ.

කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ පිහිටි සුභසාධන කඳවුරක් වෙතට ගිය නාමල් රාජපක්ෂ මහතා එහි සිටි වැසියන් සමග සාකච්ඡා කොට ජනතාවට හැකි අයුරින් ආධාර කරනු ලැබීය අනතුරුව මුලතිව් මණ්නාකණ්ඩල් ප්‍රදේශයේ පිහිටි සුභසාධන මධ්‍යස්ථානයක් වෙතට ගොස් එහි සිටි වැසියන් හමු වී ඔවුන්ට අවශ්‍ය වියලි ආහාර ඇතුලු අනෙකුත් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර එහි සිටි වැසියන්ටද හැකි අයුරින් අාධාර ලබා දීමට පියවර ගනු ලැබීය.

අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ,

‘අපි ආරාධනා කරනවා මේ රටේ සියලුම දෙනාට කිසිම පැකිලීමකින් තොරව ඔබ සියලු දෙනා එකතු වෙලා මේ විපතට පත්වෙලා ඉන්න ජනතාවගේ ජීවිත නිවාස ගොඩනගන්න දරුවො පාසල් වෙතට යවන්න සෙඛ්‍ය පහසුකම් දෙන්න එදිනෙදා ජීවිතය ගොඩනගාගන්න එකතුවෙන්න කියලා කැබිනට් අමාත්‍යංශයක හෝ නියෝජ්‍ය අමාත්‍යංශයක දිවුරුම් දීලා ලෝකේ වටේ සවාරි සංචාර යන්නැතිව මේ ජනතාවට උදව් කරන්නයි ඕන මේ වෙලාවේදී කිසිම දේශපාලඥයෙකුගේ පක්ෂයක් වැඩක් නැහැ මේ ජනතාවට උදව්වයි අවශ්‍ය කරන්නේ’ යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

lankacnews.com