ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනය පිළිබඳ LTTEයට සම්බන්ධ සැකකරුවෙක් ජර්මනියේ දී අත්අඩංගුවට

Author - Editor
ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනය පිළිබඳ LTTEයට සම්බන්ධ සැකකරුවෙක් ජර්මනියේ දී අත්අඩංගුවට

හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැක පිට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු ජර්මනියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

39 හැවිරිදි නවනීදන් නැමැති මෙම සැකකරු නිරිත දිග ජර්මනියේ ඔහු පදිංචිව සිටි නිවසේ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විදෙස් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙකු වීම සහ ඝාතන කුමන්ත්‍රණ සඳහා සහය දැක්වීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු 2005 වසරේ දී හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතන කුමන්ත්‍රණයේ සාමාජිකයෙකු බවට සහ  ඊ.පී.ඩී.පී. පක්ෂ නායක ඩග්ලස් දේවානන්දා මහතා ඝාතන කිරීමට සැලසුම් සකස් කළ අයෙකු බවට ජර්මන ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වෙයි.

sinhala.adaderana.lk