පහරදීම ගැන සොයන්න තවත් කමිටුවක්

Author - Editor
පහරදීම ගැන සොයන්න තවත් කමිටුවක්

අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ 2018 නොවැම්බර් 22වන දින සිදුවු බව කියන පහරදීමේ සිද්ධියකට අදාළ සීසීටීවී දර්ශන පෙළක් ඊයේ රටට අනාවරණය වූ අතර ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විෂයභාර අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය තවත් කමිටුවක් පත් කර තිබේ.

බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුත්, විෂයභාර අමාත්‍යංශය නියෝජනය කරන එක් නිලධාරීවරයෙකුගෙනුත් යුක්ත කමිටුවක් පත් කර මේ වන විටත් අඟුණුකොළ පැලැස්සේ සිට එම කටයුතු වල පරීක්ෂණය පවත්වමින් සිටින බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසීය.

ඊට අමතරව දෙවෙනි කමිටුවක්ද පත් කිරීමට කටයුතු කළ බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කලාය.

ඒ සඳහාද අමාත්‍යංශයේ එක් නිලධාරියෙකුත්, ජනාධිපති ලේකම්කාර්යාලයේ අයෙකුත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අයෙකුවද පත් කර ඒ පිරිසගෙන්ද වාර්තාවක් බලාපොරොත්තු වන බවත් ඇය පැවසිය.

sinhala.adaderana.lk