වනාතවිල්ලුවේදි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ 4ක් අත්අඩංගුවට

Author - Editor
වනාතවිල්ලුවේදි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ 4ක් අත්අඩංගුවට

වනාතවිල්ලුව, මංගලපුර කරඩිපුවල් ප්‍රදේශයේ විශාල පොල් වත්තක සගවා තිබු පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් සහ ඩෙකනේටර් 100ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(17) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට ලද තොරතුරක් මත මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

sinhala.adaderana.lk