ගාලු වරායේ කොටසක් ‘සුවසැරිය’ ගිලන් රථ සමාගමට.. රූමස්සල වෙරල තීරයත් දෙන්න සූදානම්…

Author - Admin
ගාලු වරායේ කොටසක් ‘සුවසැරිය’ ගිලන් රථ සමාගමට.. රූමස්සල වෙරල තීරයත් දෙන්න සූදානම්…

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ඉන්දියානු ගිලන් රථ සේවා සමාගමට ගාල්ල වරායේ කොටසක් දීමේ සූදානමක්.

2018-5- 25 ගාලු වරායේ Marina (බෝට්ටු නැවතුම්පොළක් හා සංචාරකයන්ට පැමිණීමට පහසුකම් සහිත ස්ථානයක්) සාදා පවත්වාගෙන යාම සදහා වරාය අධිකාරිය විසින් ටෙන්ඩර් කැදවා තිබූ අතර එම ටෙන්ඩර් පත් කැදවීමේ අවසාන දිනය වූ 2018-08-21 අද එම ටෙන්ඩර් පත් කැදවීම අවසන් කරන ලදී.

එහිදී මේ සදහා එකම ටෙන්ඩර් පතක් ඉදිරි පත් කර තිබුණු අතර එම ටෙන්ඩර් පත ඉදිරි පත් කර තිබුනේ 2016 වසරේ මෙරට නොමිලේ ගිලන් රථ සේවාවක් ආරම්භ කල ඉන්දියානු සමාගම වන GVK – west coast marine සමගාම පමණි.

ප්‍රසම්පාදන කාර්ය පටිපාටිය අනුව එක් ටෙන්ඩර් පතක් පමණක් ඉදිරිපත්කර ඇත්නම් නැවත ටෙන්ඩර් කල යුතු වුවත් අදාල ටෙන්ඩරය එම ඉන්දියානු සමාගම වෙත දීමේ සුදානමක් පිළීබදවා අප සංවිධානය වෙත වාර්තාවේ .

ගාලු වරයා පමණක් නොව සුන්දර රූමස්සල වෙරල තීරයද මෙම සමාගම වෙත ලබාදීම සදහා මේ වනවිටත් සැලසුම් සකසා අවසන්ය.

මෙම ටෙන්ඩරය පිටුපස ප්‍රබල ඇමතිවරයෙක් සිටින අතර ඉන්දියානු ගිලන්රථ සේවාව මෙරටට ලබාදීම සදහා පමණක් නොව එම සමගමේ සේවාව පිලිබදවා උදම් ඇනූ ඇමතිවරයා ඔහුය .

ගාලු වරායේ කොටසක් මෙම සමාගමට ලබාදීමට අප විරුද්ධ අතර අපට කීමට ඇත්තේ හැංගි හැංගි වෙස්බැන්දත් නටන්න වෙන්නේ එළිපිට බවය .

මෙම ටෙන්ඩරයේ තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිවරයා වන්නේ විදුලි බල අමාත්‍යංශයේ ලේකම් වරයා වන සූරසේන බටගලය.

Courtesy-lankacnews.com