ලෝක ශූරතා නෙට්බෝල් තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකාව වාර්තා කරයි.

Author - Editor
ලෝක ශූරතා නෙට්බෝල් තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකාව වාර්තා කරයි.

එංගලන්තයේ ලිවර්පූල්හිදී පැවැත්වෙන මෙවර කාන්තා නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජය වාර්ථා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ සිංගප්පූරුව පරාජය කරමිනි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 88ට පිළිතුරු වශයෙන් සිංගප්පූරුවට ලබාගත හැකි වූයේ ලකුණු 50ක් පමණි.

ශ්‍රී ලංකාව විසින් වාර්තා කල ලකුණු 88න් 76ක්ම ලබාගෙන ඇත්තේ මේ වන විට ලොවපුරා කාගේත් අවදානයට ලක්වී ඇති මෙන්ම තරගාවලියේ වැඩිම ලකුණු වාර්ථා කල ක්‍රීඩිකාව වන තර්ජිනී සිවලිංගම්ය.