ඕමන්ත ඉඩමක් පිළිසකර කිරීමේදී වළදමා තිබූ බිම්බෝම්බ තොගයක් හමුවේ

Author - Editor
ඕමන්ත ඉඩමක් පිළිසකර කිරීමේදී වළදමා තිබූ බිම්බෝම්බ තොගයක් හමුවේ

යුධමය වාතාවරණය හේතුවෙන් සිය ඉඩම් අතහැර ගොස් සිට නැවත පැමිණි වවුනියාව විලක්කුවයිත්ත කුලම් ප්‍රදේශයේ වැසියෙකු සිය ඉඩම පිළිසකර කිරීම සදහා පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් ඉඩම හාරමින් සිටින අවස්ථාවේදී වළදමා තිබූ බිම්බෝම්බ තොගයක් හමුවී ඇති බව ඕමන්ත පොලීසිය පවසයි.

වළදමා ඇති බිම්බෝම්බ දුටු මෙම පුද්ගලයා ඒ බව ඕමන්ත පොලීසියට දන්වා ඇති අතර පසුව පොලීසිය විසින් කල සෝදිසි මෙහෙයුමකදී එහි තිබී බිම්බෝම්බ 07ක් සොයාගෙන ඇත.