කසළ ගැටළුවට විසදුමක් ලෙස ඉදිකල අරුවක්කාලු කසළ රදවනයට කසළ ගෙනයාම ඇරඹේ.

Author - Editor
කසළ ගැටළුවට විසදුමක් ලෙස ඉදිකල අරුවක්කාලු කසළ රදවනයට කසළ ගෙනයාම ඇරඹේ.

කසළ ගැටළුවට විසදුමක් වශයෙන් පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ  ඉදිකල කසල රදවනයේ කසල තැන්පත් කිරීම ඊයේ (16) දිනයේදී ආරම්භ විය. ඒ අනුව කොළඹ මහනගර සභාවට අයත් කසල ප්‍රවාහන රථ 10ක කසළ එහි තැන්පත් කිරීම සිදුකෙරිණි. මේ වන විට මෙම නව කසළ රදවනයේ ධාරිතාව දිනකට කසළ ටොන් 600ක් පමණ වන අතර ඉදිරියේදී සිදුකිරීමට නියමිත පුළුල් කිරීම් සමග එහි ධාරිතාව දිනකට කසල ටොන් 1200ක් දක්වා වැඩි වීමට නියමිතය.

මෙම කසළ රදවනය වෙත කසළ ගෙනයාම දුම්රිය මගින් සිදුකිරීමට සැලසුම් කර තිබුණත් මේ වන විට එම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් නොවීම හේතුවෙන් මෙලෙස ප්‍රවාහන රථමගින් කසළ එම ස්ථානය වෙත ගෙන යාම සිදුකරන අතර එළඹෙන වසරේ මාර්තු මාසය වන විට එම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත බව වාර්ථා වෙයි.