“දැන් මට ඇඩෙනවා” – අගමැති ප්‍රසිද්ධියේම කියයි

Author - Admin
“දැන් මට ඇඩෙනවා” – අගමැති ප්‍රසිද්ධියේම කියයි

විදෙස් ආයෝජන ලබා ගන්නේ කෙසේදැයි 1992දී තමාගෙන් ඇසූ වියට්නාමය දෙස අද බලද්දී තමන්ට හැඬෙන බවත්, වසර 2050 වන විට ලෝකයේ බලවත්ම ආර්ථිකයන් අතර 25 වැනි හෝ 24 වැනි ස්ථානයේ සිටීමට නියමිත වියට්නාමය, ශ්‍රී ලංකාව පසුකර මේ වන විට බොහෝ දුර ගොස් ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ අරලියගහ මන්දිරයේදී ඊයේ (20) පැවැති රැකියා විරහිත උපාධිධාරීන් 4100ක් සඳහා පත්වීම් ලිපි ලබා දීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

ආණ්ඩුවක් අසීරු තීරණ ගනිද්දී ජනතාවද ඒ බර කරට ගත යුතු බවද එහිදී අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුව පත්ව ගත වූ වසර 03ක කාලය රටේ අනාගතය සකස් කිරීම උදෙසා වැය කළ බවත්, ඒ අනුව සකස් කළ එම අනාගතය කරා ගමන් ඇරඹීමේ කාලය උදා වී ඇති බවත් පෙන්වා දුන්නේය.

Courtesy-am.lk