ඉන්දියාව තුල සිදුවන අන්තවාදී ක්‍රියාවන්ගෙන් පීඩාවට පත්වන්නන්ට සහන සැලසීමට සමාජ ක්‍රියාකාරීන් එක්වෙයි

Author - Editor
ඉන්දියාව තුල සිදුවන අන්තවාදී ක්‍රියාවන්ගෙන් පීඩාවට පත්වන්නන්ට සහන සැලසීමට සමාජ ක්‍රියාකාරීන් එක්වෙයි

ඉන්දීය සමාජ ක්‍රියාකාරීන් පිරිසක් එක්ව වෛරී ක්‍රියාවන්ට හා මැර ප්‍රහාරයන්ට ලක්වන්නන්ට සිය අත්දැකීම් ඉදිරිපත් කිරීමට හා ඔවුනට අවශ්‍ය නීති ආධාර සැපයීම සදහාම වෙන්වූ දුරකථන සේවාවක් ආරම්භ කර ඇත.  UAH(United Against Hate) ලෙස හැදින්වෙන මෙම පිරිසට ඉන්දියාව පුරා විසිරී සිටින සමාජ ක්‍රියාකාරීන් මෙන්ම සාමාන්‍ය ජනතාවද ඇතුලත් වන අතර ඔවුන් පවසන්නේ මේ ආකාරයේ කටයුත්තක් ක්‍රියත්මක කිරීමට හේතු ඉන්දීය රජයට මෙවැනි මැර ප්‍රහාරයන් හා වෛරී ක්‍රියාවන් නැවැත්වීමේ හැකියාවක් නොමැති බව ඔප්පු වීම බවයි. රජයන් විසින් මෙවැනි අවස්ථාවන්හිදී හෝ පහරදීම් වලදී සිදුකරන්නේ ප්‍රකාශ නිකුත් කිරීම පමණක් බවද ඔවුන් සදහන් කරයි.

UAH සංවිධානයට සම්බන්ද ක්‍රියාකාරීන් මේ වන විට ඉන්දියාවේ නගර 100කට වඩා වැඩි ප්‍රමාණයක ව්‍යාප්තව තම සේවාවන් විවිධාකාරයේ වෛරීක්‍රියාවන්ගෙන් පීඩාවට පත්වන්නන් උදෙසා ලබාදෙන අතර, ඔවුන්ගේ සේවාවන් වැඩි වශයෙන් ලබාගනු ලබන්නේ ඉන්දීය ජනගහනයෙන් 14%ක ප්‍රතිශතයක් නියෝජනය කරන මුස්ලිම් ජනතාව බවද වාර්ථා වෙයි. හින්දු දක්ෂිණාංශික අන්තවාදී කණ්ඩායම් විසින් කිසිදු පැහැදිලි හේතුකින් තොරව ඔවුන්ගේ ආගම මත පමණක්ම පදනම්ව දිගින් දිගටම ඉන්දියාව තුල වෙසෙන මුස්ලිම්,දලිත් හා ක්‍රිස්තියානි පිරිස් වෙත අන්තවාදී ප්‍රහාර එල්ල කිරීමින් පවතී. හින්දු භක්තිකයන් විසින් ගෞරවයෙන් සලකල ගවයන් ඝාතනය කිරීම හා ගව මස් ලගතබා ගැනීම වැනි චෝදනා එල්ල කරමින් මෙම හින්දු අන්තවාදී සංවිධාන විසින් සෘජුවම මුස්ලම් හා දලිත් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කිරීම මේ වන විට ඉන්දියාව තුල වර්ධනය වෙමින් පවතී.

ඉන්දියාව තුල ජීවත්වන සුලුතර ජනකොටස් වලට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන් වර්ධනය වීම ආරම්භළුූයේ 2014 වසරේදී නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය සමග ඔහුගේ භාරතීය ජනතා පක්ෂය බලයට පත්වීමත් සමගය. මෝදී මහතා නැවතත් පසුගිය මැයි මාසයේදී බලයට පැමිණීමත් සමග මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් ඉන්දියාව තුල සිදුවන පහරදීම් වල ඉහල යාමක් සිදුව ඇති බවද වාර්තා වෙයි.

(උපුටාගැනීම - citizenpostlk.com)