සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන්නට ප්‍රායෝගික වැඩසටහනක් සකසන්න - සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

Author - Editor
සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන්නට ප්‍රායෝගික වැඩසටහනක් සකසන්න - සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

සැකකරුවන් වශයෙන් බන්ධනාගාරගතව සිටින්නන්ට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය යටතේ සඳහන් විධි විධානවලට යටත්ව සිර දඬුවම් ලැබූවන්ගේ ඡන්ද අයිතිය සුරැකීම සදහා කටයුතු කරන්නයැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත. මේ සදහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පැවතියත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් බන්ධනාගාර මට්ටමින් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සිරකරුවන්ගේ පරමාධිපත්‍ය අයිතිය ක්‍රියාත්මක වීමට බාධා පැමිණෙන බව එම සංවිධානය පෙන්වා දෙයි.