ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාව අගයයි

Author - Admin
ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාව අගයයි

ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව ජපානය සමඟ සුහදශීලීව කටයුතු කරමින් දුෂ්කර අවස්ථාවලදී ජපානය සමඟ ඉතා ළඟින් කටයුතු කළ බව ජපාන ආරක්ෂක අමාත්‍ය ඉෂුනොරි ඔනොදෙරා (Itsunori Onodera)මහතා  පවසයි. 

දෙදින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  අද( 21) ආරක්ෂක අමාත්‍යාංශයේදී  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදීය. 

මෙහිදී සමුද්‍රීය ආරක්ෂාව හා දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබඳව අවධානය යොමුකරමින් සාකච්ඡාව පැවැත්විනි. 

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සමඟ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  අද්මිරාල් රවි විජේගුණරත්න මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්  සහ ජපානය නියෝජනය කරමින් විශේෂ නියෝජිත පිරිසක් සහභාගිවිය. 

Courtesy- adaderana.lk