Dragonfly නමින් චීනය කුල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කල සෙවුම් යන්ත්‍ර ව්‍යපෘතිය ගූගල් සමාගම අතහැර දමයි

Author - Editor
Dragonfly නමින් චීනය කුල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කල සෙවුම් යන්ත්‍ර ව්‍යපෘතිය ගූගල් සමාගම අතහැර දමයි

Dragonfly නමින් හැදින්වෙන් පාලනය කරන ලද සෙවුම් යන්ත්‍රයක් (censored search engine) චීනය තුල ක්‍රියාත්මක කිරීමට ගූගල් සමාගම විසින් ගත් උත්සායහ අතහැර දැමූ බව වාර්ථා වෙයි. ගූගල් සමාගමේ විධායක නිලධාරී කරන් භාටියා මහතා විසින් මේ බව එක්සත් ජනපද ජූරි කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

මෙම ව්‍යපෘතිය පසුගිය වසර අවසානයේදී අවසන් කල බව වාර්තා වූවත් බොහෝ පිරිසකගේ මතය වූයේ එය තවමත් ක්‍රියාකාරී මට්ටමේ පවතින බවයි. කෙසේ වෙතත් Dragonfly ව්‍යාපෘතිය අවසන් කල බව ගූගල් සමාගම විසින් නිල වශයෙන් ප්‍රකාශ කල අවස්තාව මෙය බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.