වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 1018.9ක් ලග තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

Author - Editor
වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 1018.9ක් ලග තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

තලෙයිමන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි නීතිවිරෝධි ලෙස නිවසක් තුළ  සඟවා තිබූ මෙම වියළි  මුහුදු කූඩැල්ලන් තොගයක් සොයාගැනීමට එම වැටලීම සිදුකල උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසට හා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරින්ට හැකිව තිබේ. ඊයේ (17) දිනයේදී සිදුකල මෙම වැටලීමෙන් එම වැටලීම සිදුකල නිවසේ තිබී වියළි  මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 1018.9 ක් හමුව ඇත. මෙම ප්‍රමාණය සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය මඟින් මුහුදු කුඩැල්ලන් ළඟ තබා ගැනීමට අවසර ලබාදී ඇති ප්‍රමාණයට වඩා වැඩිවීම හේතුවෙන් එම නිවැසියා අත්අඩංගුවට ගෙන ඇත.