ප්‍රභාකරන් ඝාතනය වුණාට රාහුල් ගාන්ධි සතුටු වුණේ නැතිලු

Author - Admin
ප්‍රභාකරන් ඝාතනය වුණාට රාහුල් ගාන්ධි සතුටු වුණේ නැතිලු

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ශී ලංකා හමුදාව විසින් ඝාතනය කළත් තමන් සතුටු නොවූ බව ඉන්දීය ලෝක් සභා මන්ත්‍රී රාහුල් ගාන්ධි පවසයි. එසේම තම සහෝදරිය වන ප්‍රියංකා ගාන්ධිද ඒ සම්බන්ධයෙන්සතුටු නොවූ බවද රාහුල් පවසයි.

ඔවුන් දෙදෙනාගේම පියා වන ඉන්දීය හිටපු නායක රජිව් ගාන්ධි මහතා ඝාතනය කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසිනි. ඒ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකිනි.

“ මගේ මිත්තනිය (ඉන්දිරා ගාන්ධි), මගේ පියා (රජිව් ගාන්ධි) දෙදෙනාම ඝාතනය කළා. මම ප්‍රචණ්ඩත්වයෙන් පීඩා වින්දා. මම ඇත්තටම කතා කරන්නේ අත්දැකීමෙන්. ප්‍රචණ්ඩත්වයෙන් ඉදිරියට එන්න ඔබට තියෙන එකම මග සමාව දීමයි. වෙන මාර්ගයක් නෑ.

ඇත්තටම ඇහුම්කන් දීම වගේම ප්‍රචණ්ඩත්වයෙන් තොරව කටයුතු කිරම ඒ සඳහා කටයුතු කිරීම ඇති හොඳම මාර්ගයයි. සමහරු සිතන්නේ මෙය දුර්වලකමක් කියායි. මගේ පියා මැරුවේ 1991 වසරේදී ත්‍රස්තවාදීන් විසින්. 2009 දී මම දැක්කා මගේ පියා ඝාතනය කළ පුද්ගලයා ශ්‍රී ලංකාවේ යුද භූමීයේ දිගා වී සිටිනවා.

මම මගේ සහෝදරිය ප්‍රියංකාට කතා කළා. මේක පුදුම දෙයක් නමුත් මම සතුටු නෑ කියලා ඇයට කිව්වා. මම මේක සැමරිය යුතු වුණා මොකද මේ මැරුණු පුද්ගලයා මගේ පියා ඝාතනය කළා. නමුත් මම සතුටු වුණේ නෑ. ඇය කිව්වා ඔබ හරි මමත් සතුටු නෑ කියලා.

මම සතුටු නොවීමට හේතුව මොකද මම ඔහුගේ දරුවන් දැක්කා. මම තේරුම් ගත්තා මම වගේම අඩන ළමුන් ඉන්නවා කියලා. ඔහු නරක යක්ෂ මනුස්සයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුට දැක්වූ ප්‍රචණ්ඩත්වයෙන් තව කෙනෙකුට බලපෑමක් වෙන්න පුළුවන්. මම වගේ.”

Courtesy-ada.lk