ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් ලැයිස්තුවේ ගෝඨාභය රාජපක්ෂගේ නම සදහන් නැහැ

Author - Editor
ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් ලැයිස්තුවේ ගෝඨාභය රාජපක්ෂගේ නම සදහන් නැහැ

ජුනි මාසයෙන් අවසන් වන කාර්තුව සදහා ඇමෙරිකානු දේශීය ආදායම් සේවාව විසින් නිකුත් කරන ලද ඇමරිකානු පුරවැසිභාවය ඉවත්රගත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සදහන්ව නැති බව වාර්තා වෙයි.

මෙවැනි වාර්තාවක් නැවතත් ඉදිරිපත් වන්නේ එළඹෙන ඔක්තෝබර් මැදදී වන අතර ඒ සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන කාර්තුව සදහාය. ඒ වන විට එම ලැයිස්තුවේ ගෝඨාභය මහතාගේ නම සදහන් වූවද ජනාධිපති අපේක්ෂකත්වය සදහා ගෝඨාභය මහතා නම් කිරීමට ඒ වන විට ප්‍රමාද වනු ඇත.