තවත් ආවා සාමාජිකයන් තිදෙනෙක් අත්අඩංගුවට

Author - Editor
තවත් ආවා සාමාජිකයන් තිදෙනෙක් අත්අඩංගුවට

ආවා කල්ලියේ බවට සැකකෙරන තවත් සාමාජිකයින් තිදෙනෙකු ඊයේ (22) රාත්‍රියේදී මනිපායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, මානිප්පායි ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධක රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් වෙත පහර දුන් බවට සැකපිටය.

මෙම සැකකරුවන් යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේ‍ශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, වයස අවුරුදු 19 ක් වන සැකකරුවන් දෙදෙනෙකු හා 20ක් වන සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.