අතුරුදන්වූවන්ගේ ඥාතීන් වව්නියාවෙදී විරෝධතාවයක

Author - Editor
අතුරුදන්වූවන්ගේ ඥාතීන් වව්නියාවෙදී විරෝධතාවයක

යුද්ධය අවසන් වී වසර 10ක් ඉක්ම ගොස් තිබුණත් තවමත් අතුරුදන් වූ තම සමීපතමයන් වෙනුවෙන් සාධාරණයක් හෝ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් කිසිදු සාධාරණයක් ඉටු නොවුන බව සදහන් කරමින් අතුරුදන් වූවන්ගේ ඥාතීන් වව්නියාව තැපල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

මෙම පිරිස මේ වන විට අදට (25) දින 886ක් තිස්සේ අතුරුදන්වූවන් වෙනුවෙන් සොයා දෙන ලෙස ඉල්ලමින් සත්‍යග්‍රහයක යෙදමින් සිටියි. මෙම පිරිස කියා සිටින්නේ දින 886ක් ගතවූවත් රජයෙන් කිසිදු පිළිතුරක් නොලැබීම හේතුවෙන් ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තරය හෝ මැදිහත් වී දේශපාලන සිරකරුවන් හා අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙසයි.