යාපනය විශ්ව විද්‍යාලයේ සිසු දෙපිරිසක් අතර ගැටුමක්

Author - Editor
යාපනය විශ්ව විද්‍යාලයේ සිසු දෙපිරිසක් අතර ගැටුමක්

යාපනය විශ්වවිද්‍යාලයේ  ඉංජිනේරු පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර ඊයේ (24) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්ථා වෙයි. තුවාල ලැබූ සිසුන් පිරිස කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇත. මෙම ගැටුම ඇතිව ඇත්තේ ඉංජිනේරු පීඨයේ  ජ්‍යෙෂ්ඨ සිසුන් හා පළමු වසර සිසුන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙනි.

මෙම ගැටුම සම්බන්දයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල පාලනඅධිකාරිය සදහන් කරයි.


(ඡායාරූප- ලංකාදීප)