මම කඩුළු ලබාගන්නා පන්දු යවන්නෙක් වූවත් එයට 90%ක් දායක වුනේ කුලේ - මාලිංග

Author - Editor
මම කඩුළු ලබාගන්නා පන්දු යවන්නෙක් වූවත් එයට 90%ක් දායක වුනේ කුලේ - මාලිංග

වේගපන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල පළමු තැනට පැමිණි ශ්‍රී ලංකාවේ එකම සහ පළමු පන්දු යවන්නා වන නුවන් කුලසේකර පසුගියදා  (24) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් තම සමු ගැනීම නිල වශයෙන් ප්‍රකාශ කලේය. මින් පෙර ඔහු සමුගැනීම සදහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබුණද අදින් ඇරඹෙන බංග්ලාදේශ තරගාවලියට නම් කළ සංචිතයේ පවා තමන්ගේ නම ඇතුළත් නොවීමෙන් ගම්‍ය වන්නේ තමන්ට එකුදු තරගයක් හෝ නොලැබන බව වීම හේතුවෙන් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බව කුලසේකර පැවසුවේය.

 මේ අතරම අද(26) දිනයේදී එක්දින ජාත්‍යන්තර පිටියට සමුදීමට නියමිත ලසිත් මාලිංග කුලේගේ සමුගැනීම සම්බන්දයෙන් සිය අදහස් ෆෙස්බුක් ඔස්සේ ප්‍රකාශ කර තිබුණේය. එහිදී මාලිංග සදහන් කර තිබුණේ ඔහු හා කුලසේකර සමකාලීණව ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි බවයි. තමන් කඩුළු ලබාගන්නා පන්දු යවන්නෙක් බවට පත්වූවවත් එක් තරගයකදී නිලකුණු පන්දුවාර 5ක් හෝ 6ක් යවන කුලසේකර ඇති කරන පීඩනය හේතුවෙන් තමන්ගේ පන්දුවාරයේදී තමන්ට කඩුළු ලැබුණ බව ප්‍රකාශ කිරීමටද මාලිංග අමතක කලේ නැත. එලෙසම 2014 ලෝක කුසලාන අවසන් තරගයේදී අවසන් පන්දුවාර 4 තමන් හා කුලසේකර සැලසුම් කල ආකාරයද ඔහු මතක් කලේය.

එහිදී මාලිංග කුලසේකරගෙන් ඉල්ලා සිටියේ මාලිංග එක්දින පිටියෙන් සමුගන්නා තරගය නැරඹීම සදහා ප්‍රේක්ෂකයෙකු ලෙස හෝ පැමිනෙන ලෙසටයි.

තවත් හෝරා කිහිපයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් බිහිකල විශිෂ්ඨතම වේග පන්දුයවන්වෙකු වන මාලිංග සිය අවසන් එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කිරීමට නියමිතය. දේශපාලනය හා පරිපාලන දෝෂ හේතුවෙන් අගාධයට වැටී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් මෑත කාලීනව බොහෝවිට ජයග්‍රහණයේ පහස ලැබුවේ මාලිංගට පින්සිද්ධ වන්නටය.එයට කෘතගුණ දැක්වීමක් වශයෙන් මාලිංගගේ අවසන් තරගය නරඹන්නට ශ්‍රී ලංකා ප්‍රේක්ෂයකන් අද දිනයේදී ඛෙත්තාරම ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතුව පුරවනු නොඅනුමානය. තරගය නරඹන්නට පැමිණෙන ලෙස මාලිංග ආරාධනා කල පසු දිනයේදීම තරගය සදහා වන සියළුම ප්‍රවේශපත් විකිණී අවසන් වීමෙන් ඒ බව ඔප්පු වේ.

කෙසේ වෙතත් මාලිංගගෙන් පසු ඇති වන හිඩස පිරවීමට ක්‍රීඩකයෙකු ඉක්මණනින් බිහිවේවා යැයි ක්‍රිකට් වලට ආදරේ කරන අපි ප්‍රාර්ථනා කරන අතර මාලිංගගේ ඉදිරි සියළුම වැඩකටයුතු සදහා  උණූසම් හා ආදරණී්‍ය සුභපැතුම් පුදකරමු. මාලිංග පැවසූ පරිදි එළඹෙන T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවණීය තත්වයකට රැගෙන යන්නට මාලිංගට හැකිවේවා යැයිද අප ප්‍රාර්ථනා කරමු.

 (citizenpostlk.com)