පාස්කු ප්‍රහාර විශේෂ කාරක සභාව හමුවට අගමැති

Author - Editor
පාස්කු ප්‍රහාර විශේෂ කාරක සභාව හමුවට අගමැති

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්දයෙන් විමර්ෂණය කරන විශේෂ කාරකසභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සදහා අගෝස්තු මස 6 හා 7 වනදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැදවා ඇති බව වාර්තා වෙයි.

මෙම ප්‍රහාරය සම්බන්දයෙන් ජනාධිපතිතුමන්ගේද ප්‍රකාශයක් සටහන් කරගැනීමට කාරක සභාව තීරණය කර ඇති බවත් ඒ සම්බන්දයෙන් ජනාධිපතිතුමන් දැනුවත් කර ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔහුගේ නිලනිවසට ගොස් ප්‍රකාශය ලබාගැනීමටද කාරක සභාවේ සාමාජිකයන් තීරණය කර ඇත.