මධ්‍යධරණී මුහුදේදී යාත්‍රාවක් අනතුරට ලක්වී 150 ක් මරුට

Author - Editor
මධ්‍යධරණී මුහුදේදී යාත්‍රාවක් අනතුරට ලක්වී 150 ක් මරුට

සරණාගතයින් රැගත් යාත්‍රාවක් ලිබියාවට නුදුරු මුහුදේදී අනතුරට ලක්වීමෙන් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බවත් තවත් 150 දෙනෙකු පමණ බේරා ගැනීමට හැකි වූ බවත් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය පවසයි.

මෙසේ මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ඇතුල් වීමට උත්සහ දැරීමේදී වාර්ෂිකව සරණාගතයින් විශාල පිරිසක් මෙවැනි අනතරු වලින් ජීවිතක්ෂයට පත්වීම සිදුවේ